(SWOT Analysis – පලමු කොටස)
යුද භූමියයේදී සුණුවිසුණු නොවන්නට නම්…

ජීවිතය හා ජීවත් වීම ගැන ගොඩක් අය ට ගොඩක් මත තියනව..කොහොම වෙතත් ජීවිතය යන යුද භූමියේ රැඳෙන්නට නම් නොනවත්වා සටන් කරන්න වෙනව…ඒකයි ගොඩක් යුද උපක්‍රම ප්‍රායෝගික ජීවිතයට යොදාගන්න පුලුවන් වෙන්නෙත් ඒව බොහෝ දුරට සාර්ථක වෙන්නෙත…චිනයේ හිටපු දාර්ශනිකයෙක් වන ලා ඔට්සු ඔහුගේ යුද කලාව කියන පොතේ මෙහෙම ලියනව…
තමන් ගැන හා අනුන් ගැන නොදන්නා පුද්ගලයා සියලුම තරග පරාජය වේ..
තමන් ගැන පමණක් දන්නා පුද්ගලයා සෑම ජයග්‍රහණයටම පරාජයක් බැගින් ලබයි…
තමන් ගැන හා අනුන් ගැන දන්නා පුද්ගලයා සියළුම තරග ජයග්‍රහණය කරයි…

.මේ පොත යුද කලාව සම්බන්ද පොතක් උනත් පුද්ගල සංවර්ධනය,ව්‍යාපාර කලමනාකරණය දේශපාලනය වගේ ගොඩක් මාන වලට ගෙනියන්න පුලුවන්..
මුලින්ම බලමු….තමන් ගැන දැනගන්නව කියන්නෙ මොකක්ද…තමන් ගැන නොදැනීම ගොඩක් භයානක වෙන්නෙ අපේ ශක්තින් ගැනත් ප්‍රතිවාදීන් ගෙ ශක්තින් ගැනත් නිසියාකාරව නොදැන සටන් බිමට පිවිසිමෙන් ඕනම අවස්තාවක ඔබ සුනු විසුනු වී යාහැකි නිසා..මේකට ප්‍රායෝගික විසඳුමක් ව්දියට කලමනාකරයේ ගොඩක් සාර්ථක ක්‍රමයක් භාවිතා කරනව..අහලත් ඇති..swot analysis..සරලව කිව්වොත් අපි ගැන තක්සේරු කරන ක්‍රමවේදයක්..
 Strengths – ශක්තින්
 Weeknesses – දුර්වලතා
 Opportunities – අවස්ථා
 Threts – තර්ජන
ශක්තීන් හා දුර්වලතා තමාගේම අභ්‍යන්තරයෙන් පැන නගින අතර අවස්ථා හා තර්ජන බාහිර පරිසරයෙන් එල්ල වෙනව …මේ සියල්ලම පිළිබඳව තොරතුරු තම පුද්ගලික දියුණුව සඳහා යොදවන්න පුළුවන්…
මුලින්ම බලමු ශක්තීන් කියන්නෙ මොනවද කියල.ශක්තින් කියන්නෙ ඕනෑම පුද්ගලයෙක් සතු කඩුව ලෙස සැලකිය හැකියි …එය හඳුනාගෙන මුවහත් කරගැනීම තමන් සතු කාර්යයක්. ශක්තින් ආකාර කිහිපයක් තියනව..
තමාටත් කරන්න පුලුවන් නමුත් අන් අයටත් කරන්න පුලුවන් දේවල් තියනව.මේ වගේ හැකියාත් අපිට වැදගත්..ඒත් කුරුලු පිහාටුවක් ඔසවන්න පුලුවන් වෙන එකෙන් කෙනෙකු ගේ බර එසවීමේ හැකියාව මනින්න අමාරුයි .ඒක හොඳයි….ඒත් හොඳ දෙය අතර හොඳම දෙය නම් නෙවෙයි…අනෙක් ශක්ති ආකාරය තමා අනිත් අයටත් පුලුවන් ඒත් තමන්ට වඩාත් පුලුවන් දේවල්…මේ දේ ගැන නම් ටිකක් අවධානය යොමු කළාට කමක් නෑ…මොකද එම හැකියා වලට පුළුවන් තමන්ව අනිත් අය අතරින් ඔසවා තියන්න…මෙම හැකියාත් අඛණ්ඩ පුහුණුව මඟින් ඕනෑම අයෙක් ඉහළ තලයකට ගෙන යාවි..අනිත් ශක්තිය තමා තමන්ට පමණක් පුළුවන් දේවල්..මේවා දෙවියන්ගෙන් ලැබුණු දායාද විදියටත් සලකන්න පුළුවන්..මේවගේ හැකියා වලට පුළුවන් පුද්ගලයන්ව නොසිතූ මානයන් වලට ගෙනියන්න.. අසමසම පුද්ගලයෙක් බවට පත් කරන්න..ඒත් මෙලෙස දෙවියන්ගෙන් උරුම උනු හැකියා අඛණ්ඩ පුහුණුව හෝ හැදෑරීම මඟින් ඔපමට්ටම් නොකළොත් නම් සාමාන්‍ය හැකියාවක් ඇති අය තමන් පසු කර යාම වලකාලීමට අමරුයි..එහෙම සහජ දක්ශතාවය ඇති අය හා සාමාන්‍ය හැකියාවක් ඇති අය අතරත් කරට කර සටන් සිදුවෙනවා..සහජ දක්ශතාවය වරප්‍රසාදයක් විතරයි…යමෙක් ඉපදෙන විට ඔහුගේ හෝ ඇයගේ ගිණුම් සතු වත්කම විතරයි…
දුර්වලතා කිව්වම අසුභවාදී හැඟීමක් එනව..ඔව් දුර්වලතා අසුභවාදී තමයි.. එය අවස්තාවක් කර නොගන්න තෙක්..කෙසේ වෙතත් තමන් තුළ සිටින සතුරා ගැන නොදැන විනාස කිරීමට අපහසුයිසෑම කළු වළාවකම තිබෙන රිදී රේඛාව දකින්නට හැකි නිර්මාණශීලී පුද්ගලයන් වෙස්වලාගත් ආශිර්වාදයක් කර ගන්නව..කොහොම වෙතත් තමන්ගේ දුර්වලතා තමා විසින් ම හඳුනාගත් තරමට එයින් අන් අය ප්‍රයෝජන ගැනීම වළක්වන්න පුළුවන් …ඒය නිසැකයෙන්ම පලිහක් වගේ එම පුද්ගලයාව ආරක්ෂා කරාවි..
අවස්ථා ලෝකයේ ඕනෑ තරම් තියෙනවා වුනත් ඒවා අවස්ථා ලෙස හඳුනාගත් පුද්ගලයන් බොහොම අඩුයි .ජනප්‍රිය කියමනක් තියනව එක් දොරටුවක් වැසෙන විට තවත් දොරටුවක් විවර වෙනව කියල…ඒ නිසා වැසුණු දොරටුව දිහා ගොඩක් වෙලා බලන් ඉන්න එපා..විවර වුනු අනෙක් දොරටුව නොපෙනී යාවි…අවස්ථා අවස්ථා ලෙස හඳුනාගන්නත් වාසිය ඉක්මනින් තමා වෙත ගන්නත් හැකි පුද්ගලයන්ගෙ ජයග්‍රහණය නම් අසීමිතයි..ඇතැම් දුර්වලතා පවා අවස්ථා බවට පරිවර්තනය කරන්න පුළුවන්..සෙවිල්ලෙන් සිට අවස්තාවක් ලැබුණු පමණින්ම ක්‍රියාත්මක වන්න…
තර්ජන ගැන කතා කරද්දි තර්ජන වල බලපෑම හරියටම ප්‍රමාණනය කරගතයුතු වෙනව….තර්ජන වල ස්වභාවයත් හොඳින් අවබෝධ කරගත් යුතු වෙනව..තර්ජන හඳුනාගෙන ඒවායින් ආරක්ෂා වීමට ශක්තිමත් ආරක්ෂක පවුරක් ඉදිකල යුතු වෙනව…
දැන් ඔබ තමන් ගැන දැනගෙන අවසානයි..සටනින් අඩක් ජයග්‍රහණය කර අවසානයි..මේ ආකාරයට ශක්තින් වැඩිදියුණු කරගැනීමටත්,දුර්වලතා මඟහරවා ගැනීමටත්,අවස්ථා ක්ෂණිකව ග්‍රහණය කරගැනීමටත්,තර්ජන වලට සූදානම් වීමටත් විමටත් මෙම ක්‍රමවේදය භාවිතයෙන් පුලුවන්..මීළඟට ඔබ අනෙක් තරගකරුවන් පිළිබඳ දැනගත යුතුයි..ඔබේ තක්සේරු කලාක් මෙන් ප්‍රතිවාදීන් ගේද ශක්තීන්,දුර්වලතා,අවස්ථා,තර්ජන පිළිබඳ සොයාබැලීය යුතුය…ඔවුන්ගේ විශාලතම දුර්වලතාවය ඔබේ අවස්ථාව කරගත යුතුයි…ඔහුගේ දුර්වලම අවස්ථාවේ සටන දියත් කල යුතුයි..තරගකරුවන් අතර තමන්ව නිසියාකාරව ස්ථානගත කල යුතුයි..ඔව්..
හොඳයි …ඔබ සතුව හොඳින් මුවහත් කල කඩුවක් තිබෙනව…ප්‍රහාර වලින් ආරක්ෂා වෙන්න ශක්තිමත් පලිහක් තිබෙනව…යුද භූමියේ ඔබට ඇති ස්ථානය ගැනත් සතුරන් ගැනත් හොඳින්ම දන්නවා… ඔබට සියලුම තරග අපහසුවකින් තොරව ජයග්‍රහණය කල හැකිය..හේතුව තමා ඔබ ඔබව හා අන් අයව ගොඩක් හොඳින් හඳුනාගෙන සිටිම………………………………….
මොනාලි බණ්ඩාර

Visits1061
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!