යුධ සාහිත්‍ය – 1 කොටස (අර්ධ සත්ව ගුරුතුමා)

යමක් පිළිබඳ විවිධ රටවල සංස්කෘති ආදියෙහි දරන ආකල්ප විවිධාකාර වේ..එනම් ඒවා ඔව්න්ගේ ආචාර ධර්ම හා හර පද්ධතීන් මත රඳා පවතියි..හරි හෝ වැරදි යන්න පිළිබඳ ආකල්පයද එබඳුය..එක්තරා අයෙක් කුමාරයෙකු කෙසේ විය යුතු ද යන්න විමසයි..තවත් යමෙක් ඔහු ඉතා යහපත් ,සද්භාවයෙන් යුතු ,වගකීම් යුතුකම් ඉටුකරන අසමසම අයෙකු විය යුතු බව පවසයි.
කුමාරයෙක් යනු බලසම්පන්න අයෙකි..බලය භාවිතා කරමින් බලයේ රැඳි සිටිය යුතු අයෙකි..එසේනම් එබඳු අයෙකුට ශිල්ප ලබාදිය යුත්තේ සකල ශාස්ත්‍රයෙන් පරිපූර්ණ ඇදුරුතුමකු විසිනි..
නමුත් බොහෝ පැරණි බලය හිමි කුමාරවරු හදාවඩා ගනිමින් අද්‍යාපනය ලබා දීමට භාර කරන ලද්දේ අර්ධ මනුෂ්‍යයන් ලෙස සැලකිය හැකි අයෙක් වෙතය..එනම් අර්ධයක් මිනිස් හා අර්ධයක් තිරිසන් සතකුගේ ලෙසය..මෙම ගුරුවරුන් විවිධ උපමා කථා ආදිය පදනම් කරගෙන එකී බලයන් පිළිබඳ න්‍යාය කුමාරවරුන් ට උගන්වන ලදි.
The prince( කුමාරයා) කෘතියේ මෙසේ සඳහන් වේ ..
සටන් කිරීමට මාර්ග දෙකක් ඇත..පළමුවැන්න නීතිය අනුව කරන සටනය….දෙවැන්න බලය යොදාගෙන කරන සටනය…මෙයින් පළමුවැන්න මිනිසා ටද දෙවැන්න තිරිසන් සතුන්ට ද වඩාත් උචිත වේ..
නමුත් සෑම විටම මනුෂ්‍ය ආචාර ධර්ම හා නීතිය මත පදනම්ව සටන් කරන්නා ජයග්‍රහණය නොලබයි..එහෙයින් බලය පවත්වා ගනු රිසි ඕනෑම කුමාරයකු මනු නීතිය මෙන්ම සත්ව ගතිලක්ෂණ ද උපයෝගී කරගෙන සටන් කරන ආකාරය උගත යුතුය..තවද මෙහිදී අර්ධ මනුෂ්‍ය ගුරුවරු මඟින් සංකේතවත් කරන්නේ තිරිසන් ගති ලක්ෂණ වලින් තොරව කුමාරයකු ට පැවැත්මක් නොමැති බව නොවේ ද ???
…………………………………………………
තවද තිරිසන් සතුන් අතුරින් සිංහයා හා හිවලා පිළිබඳ විශේෂිත සැලකිල්ලක් දක්වා තිබෙන අතර අවස්ථානුකූලව දෙදෙනා ගෙන් එක් අයෙකු තෝරා ගත යුතු බව අවධාරණය කරයි ..
එනම් කුමාරයකු සිංහයා තෝරා ගත යුතු වන්නේ උගුල් වලින් බේරීමට ඌට හැකියාවක් නොමැති හෙයිනි …හිවලා තෝරා ගත යුතු වන්නේ වෘකයාගෙන් බේරීමට ඌට හැකියාවක් නොමැති හෙයිනි…කුමාරයකු හිවලෙකු විය යුත්තේ උගුල් හඳුනා ගැනීමට ය..නමුත් වෘකයන් පලවා හැරීමට නම් ඔහු සිංහයෙකු විය යුතු…
ඉලියඩ් නමැති ග්‍රීක වීර කාව්‍යයේ එන විශිෂ්ටතම රණශූරයා ඇකිලස් විය..ට්‍රෝජන් යුද්ධයේ දි ඔහුගේ මෙහෙය අනභිභවනීය විය …නමුත් ඇකිලස් ගේ ශරීරයේ දුර්වල ස්ථානය විලුඹ බව හඳුනා ගන්නා පරීස ( paris)එයට පහර දී ඔහුව විනාශ කරයි .
එබඳු ඉගැන්වීමක් විෂ්ණුශර්මන් ගේ පංචතන්ත්‍රයේ ද අන්තර්ගත වේ..කොටියා යනු කැලයේ සිංහයා හැරුණුවිට ඇති බලවත් ම සතාය..එනම් කොටියාගේ විශාලතම දුර්වලතාවය සිංහයා වේ..ඇත් කුණක් ආහාරයට ගැනීමට සිවලෙකු උත්සාහ කරමින් සිටිද්දී සිංහයෙක් එහි පැමිණෙයි..එම මල කුණ සිංහයා වෙනුවෙන් ආරක්ෂා කල බව කියමින් සිවලා සිංහයා ඉදිරියේ බයාදු වෙයි…සිංහයා තමන් අනුන් විසින් මරණ ලද සතුන්ගේ මාංශ අනුභව නොකරන බව කියමින් නික්ම යයි..එය එරෙහි විය නොහැකි බලවේග වලට එරෙහි නොවීමට සිවලා සතු උපාය දක්ශතාවයයි…ඉන්පසු එතනට කොටියෙකු පැමිනෙයි…එම මළකුණ සිංහයකුගේ බව කියමින් ඌ කොටියා පලවා හරියි…එය සතුරා ගේ දුර්වලතාවය හඳුනා පහර දීමට කදිම නිදසුනකි…පසුව එහි සිවලෙකු පැමිණෙන අතර ඌ සිවලාව සටන් කර පරාජය කරයි…
මෙයාකාරයෙන් අර්ධ සත්ව ගුරුතුමා සටන සිදුකළ යුතු ආකාරය පිළිබඳ සියලු දැනුම ලබා දීමෙන් පසුව එම දැනුම අවශ්‍ය පරිදි යොදා ගන්නා කුමාරයා සටනින් ජයග්‍රහණය කරයි …මනු නීතිය අනුව සටන් කරන්නා පරාජය කරයි…


මොනාලි දිව්‍යාංජලී

Visits895
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!