ශර්ලොක් හෝම්ස් සහ උම්මග්ග ජාතකය…

බේකර් වීදියේ ඉහල මාලයට වී උණුසුම් දුම් පිට කරමින් පුවත්පත් බලන ශර්ලොක් හෝම්ස් මතක නැතිනම් ඔබ ජීවිතයේ අගනා කියවීමක් අහිමි කරගත් පාඨකයෙකි..දැන්ම එය කියවීම ආරම්භ කරන්න…මනස කෙතරම් දුරට ගමන් කරවීමට සමත් වේ ද යන්න එයින් තක්සේරු කරගත හැකිය…ඇතැම් විට ඔබට දොස්තර වොට්සන් ටත් වඩා හෝම්ස් ට සමීප වීමට හැකියාව තිබිය හැකිය……………
රහස් පරීක්ෂණය පිළිබඳ ශිල්පීය ක්‍රම අත්හදා බැලීම පිළිබඳ පුනරුදය බටහිර රටවල ප්‍රචලිත වන විට 18,19 වන ශතවර්ෂ එලබී තිබුණි..නිරීක්ෂණ මත පදනම්ව නිගමන වලට එළඹෙන මෙම බොහෝ රහස් පරීක්ෂණ වරුන් අනුගමනය කරන ලදි..නමුත් මෙම කාල සීමාවට ශතවර්ෂ ගනනාවකට පෙර දුරාතීතයේ මෙම ලංකාදිවීපයෙහි මෙබඳු ශිල්පීය ක්‍රම අත්හදා බැලුණු බවයි…එනයින් එකී රහස් පරීක්ශක ක්‍රම අපට එතරම් ආගන්තුක නොවන බව කිවමනා ය….
……………
ශර්ලොක් හෝම්ස් මහාචාර්යවරය මොරියාටි සමඟ ගනුදෙනු කල බොහෝ අවස්ථා වල ” කොලය වසමින්” කටයුතු කළේය …ඒ ඒ තමන් සතුව කිසිදු තුරුම්පුවක් හෙවත් වාසියක් නැති විටදී ය..එවිට සතුරාගේ වාසිය තමන් සතු කර ගැනීමට හෙතෙම විවිධ උපක්‍රම යෙදීය..මේ බඳු අවස්ථා උම්මග්ග ජාතකයෙහි ද සඳහන් වේ…” වැලි යොතක ගැටලුව ” මෙයට කදිම නිදසුනකි…රජුගේ කැඩුණු ඔන්චිල්ලාව වැලි යොතකින් සාදන ලද බවත් එකී වැලි යොත කැඩී ගොස් ඇති බැවින් නව වැලි යොතක් සාදා එවන ලෙස දැන්වූ විට” කැඩුණු වැලි යොතින් කොටසක් එවන ලෙස කල ඉල්ලීම මෙබඳු අවස්ථාවකි…මෙය සාමාන්‍ය දැනීම පරීක්ෂකයෙකු හට කෙතරම් වැදගත් වේ ද යන්න හඟවයි…
අධිකරණ වෛද්‍ය විද්‍යාවේත් මෙම සාක්ෂ්‍ය මත පදනම්ව මල මිනිසුන් ගෙන් හෝ කට උත්තර ගැනීම සිදු කරනු ලබයි….කාය ව්‍යවච්ජේදනයකින් තොරව මෙබඳු ගැටලුවක් විසඳු ආකාරය උම්මග්ග ජාතකයෙහි සඳහන් වේ…එනම් ” ගොන් ප්‍රශ්නය” යි..මෙහිදී එක්තරා මිනිසෙක් තවත් මිනිසෙක් ගේ ගවයකු සොරකම් කරයි…ඉන්පසු දෙදෙනාම ගොනා තමාගේ යයි හිමිකම් කියන අතර මෙම ගැටලුව විසඳු ආකාරය සිත් ඇදගන්නා සුලුය…එනම් පුද්ගලයන් දෙදෙනාගෙන් වෙන වෙනම ගොනාට තමන් විසින් කවන ලද්දේ මොනවාද යන්න විමසා අවසානයේ ගොනාට වමනය කරවීමෙන් ගොනාගේ හිමිකරු පිළිබඳ විනිශ්චය පැමිනෙයි ….
ශර්ලොක් හෝම්ස් බොහෝ අවස්ථා වල වෙස්වලාගෙන සමාජයේ ගැවසීමෙන් ඔව්න්ගේ සිතුම් පැතුම් ආකල්ප ආදිය සියුම් ලෙස නිරීක්ෂණය කරන ලද්දේ ය..ඔහු මානුශ හැඟීම් රැකියාව ආදිය මත චර්‍යාව වෙනස් වන ආකාරය කරනකොට ගෙන උපකල්පන ගොඩනඟමින් තීරණ වලට එළඹුණේ ය ….සංගීත වාදකයාගේ මරණය මීට උචිතම නිදසුනකි…මෙහිදී කලා කරුවන් ඉතා හැඟීම්බරව තීරණ ගන්නා බව ඔහු විසින් ගන්නා ලද උපකල්පනයයි..එලෙස එම වාදනයම ඉදිරිපත් කිරීමෙන් මිනීමරුවා ලවා පාපෝච්චාරණය කරවා ගන්නා ලදි…මේ ආකාරයේ කතාවක් උම්මග්ග ජාතකයෙහිද ඇත…එනම් හුණු වටයේ කතාව යි..මෙහිදී දරුවාගේ නියම මව දරුවාට රිදවීම ට අකමැති බව ඔහු විසින් දරන ලද උපකල්පනය ලෙස සැලකිය හැකිය …මෙය නාට්‍යමය ස්වරූපයක් ගනියි….ශර්ලොක් හෝම්ස් කතා මාලාවලද අවසානය බොහෝ විට කුතුහලය දනවන ලෙස නාට්‍යමය ස්වරූපයෙන් රචනා කර ඇත….
ශර්ලොක් හෝම්ස් හට බොහෝ ක්ශේස්ත්‍ර පිලිබඳව විශිෂ්ට දැනුමක් තිබූ අතර ඇතැම් ක්ෂේත්‍ර පිළිබඳ ඔහුගේ දැනුම ඉතාම දුර්වල විය…නමුත් අපරාධ පරීක්ෂණ විද්‍යාව සඳහා උචිත සාමාන්‍ය දැනීම අතින් ඔහු සියල්ලන්ටම වඩා ඉදිරියෙන් පසුවිය…මහඔසු පඬිවරයා ද බොහෝ ක්ශේස්ත්‍ර පිලිබඳවය කෙල පැමිණි අයෙකි…තවද හෝම්ස් බොහෝ විට ගැටලුවකදී චූදිතයා හා විත්තිකරු යන දෙදෙනාගේම පාර්ශවයට වලට සාධාරණ වන ලෙස ගැටලුව දෙස බලයි …..මහඔසු පඬිවරයා ද එලෙස එක් පාර්ශවයකට පමණක් පක්ෂපාතී නොවූ බව දික්තල කාලගෝල ප්‍රශ්නය මනාව පිළිබිඹු කරයි….ඔහු දෙපාර්ශවයටම කරුනු දැක්වීමට අවස්ථාව හිමිකරයි….
……………………………………………………..
මෙයාකාරයෙන් පසු කාලිනව විවිධ රටවල විවිධාකාරයෙන් අපරාධ පරීක්ෂණ අංශ බිහිවිය..FBI,මොසාඩ්, CIA ආදිය බිහිවී ඇතත් බොහෝ විට එකම ක්‍රමවේද නැවත නැවත ක්‍රියාත්මක වන බව පෙනේ…අතීතයෙන් පාඩම් උගෙනීම වඩාත් ඵලදායී වන්නේ ඒ නිසාය….තවද සඳුන් ගැට අතැතිව නොපැමිණි අයටද මෙයාකාරයෙන් විද්‍යනුකූලව බුද්ධිය මෙහෙයවා ප්‍රශ්න දෙස බැලීමෙන් එබඳු විශිෂ්ටයන් බවට පත්විය හැකි බව කිවමනා ය….

මොනාලි දිව්‍යාංජලී
…………………………………………………..

Visits1447
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!