කුලේසු අන්නුගිද්දෝ…

ඉපනැලි ද රඟයි…දෙණිපෙත ද සැලෙයි…
ගම්දොර සැමරුම් හමුවේ….
මගෙ වෙහෙර නුඹයි…අත නෙළුමක් වෙයි…
පිදුමට පින් මදිද සිතේ…..
මේ ගමන දුරයි…නුඹ තරු ලකුණයි…
එළියෙන් දරුවන් සැනහේ….
නුඹ මවක වගෙයි…හිත බැතිබර වෙයි…
ඉන් මගෙ දෑස ම බොඳ වේ….
……………………
අඹුදරුවෝ,දූ දරුවෝ වැනි දේශීය ටෙලිනාට්‍ය වලින් ඇරඹී ඉන්දීය ටෙලිනාට්‍ය දක්වා බොහෝ දෙනා ප්‍රිය කරන්නේ පවුල පසුබිම් කරගත්,පව්ල් ගැටලු,ඒවා සමථයකට පත්වන ආකාරය ආදිය සහිත ටෙලිනාට්‍ය නැරඹීමටය…මෙයට හේතුව ලෙස මා දකින්නේ ඕනෑම කෙනෙක් සතුව පවුල කෙරෙහි ඇතිවන මානසික බැඳීම වේ……අප සියල්ලන්ම කුඩා කල පටන් පවුලකට අයත්ව ඇති දැඩි වෙමු ..මෙම පවුලට මව ,පියා ,දරුවන් ,නැදෑ හිතමිතුරන් අයත් විය හැකිය . ..කුඩා කල පටන් මේ සාමාජිකයන් සමඟ මානසිකව ඇතිවන බැඳීම කල්යත්ම බොහෝ ශක්තිමත් වී ඔවුන්ගෙන් තොර ලෝකයක් නොමැති තරමට මෙම බැඳීම දුරදිග යනු ඇත….
නමුත් මේ රචනය එබඳු පවුල්වල නොදකින පැතිකඩක් පිළිබඳවය …මෑත අතීතයේ වුවද පව්ල්වල සාමාජිකයන් විශාල ප්‍රමාණයක් සිටිය අතර පළමු දරුවා හා අවසාන දරුවා අතර විශාල වයස් පරතරයක් දක්නට ලැබුණි .බොහෝ විට බාල දරුවන් වැදුණේ වැඩිමහල් දරුවන්ගේ ඇල්ම බැල්ම යටතේ..එමනිසා මෙම වැඩිමහල් දරුවන් කුඩා දරුවන් කෙරෙහි ස්වභාවිකවම බැඳීමක් ඇතිකර ගනිති ..මෙයාකාරයෙන් කල්ගත වත්ම කුඩා දරුවන් තම මතයට අනුව කටයුතු කළයුතු බවත් තම සුරතලුන් ලෙස සිටිය යුතු බවත් සිතීමට පෙළඹෙති ඔවුන්ගේ පාර්ශවයෙන් එසේ සිතීමේ වරදක් නොපෙනේ ….මක් නිසාද යත් බාල සොහොයුරු සොහොයුරියන් වෙනුවෙන් ඔවුන් අද්‍යාපනය,උපයන මුදල් වැනි වටිනා නොයෙකුත් දේවල් කැප කරන නිසාය..
චරිත තුනක් කෘතියේ ඉසා සිහිකරමි.. මෙවැනි කෙනෙක් …පවුලේ වැඩිමහල් දරුවා ලෙස ඔහු පවුලට බොහෝ ලැදිය….බාල සහෝදර සහෝදරියන් ඔහුගේ අනුදැනුම,ආරක්ෂාව යටතේ වැඩෙනු දකින්නට ඔහු ප්‍රිය කලේය..නමුත් දරදඬු සනා ඔහුගේ ඇල්ම බැල්මෙන් පළමුව මිදෙන අතර ඉන්පසු ඉසා බාල සොහොයුරා වන රංජිත් කෙරෙහි බලාපොරොත්තු රඳවයි …..ඔහුද වැඩිමහල් සොහොයුරාගේ බලාපොරොත්තු මුදුන්පත් කරමින් හොඳින් උගනින ..නමුත් එක්තරා මොහොතක ඔහු ඉසාගේ ඇල්ම බැල්මෙන් මිදී ආත්මාර්ථකාමී ලෙස සිය ලෝකය තනා ගැනීමට තීරණය කරයි ..අවසානයේම ඉසා තනි වෙයි…..ඔහු පවුල කෙරෙහි බලාපොරොත්තු නොරැඳවූයේ නම් ඔහුගේ ජීවිතය වඩා යහපත් වීමට ඉඩ තිබුනු බව මගේ විශ්වාසයයි …..
මීලඟට බාල දරුවන් පිළිබඳ සලකා බලමු..බොහෝ විට පවුලේ බාල දරුව හුරතල් විදියට ඇතිදැඩි වීම දැකිය හැකිය . ..මක්නිසාද වැඩිමල් අය කැපකිරීම් කර ගොඩනැගුණු දේ පිළිබඳ ඔවුන්ට අවබෝධයක් නොතිබීමයි ..ඔවුන්ට හැමදේම නොමිලයේ ලැබුණි ..මෙහෙම ඇතැම් අය ලැබුණු දේවල් මනා යොදවා දියුණු වීමට උත්සාහ කලද බහුතරයක් එලෙස උත්සාහවන්ත නොවේ…ඔවුන්ගේ කොඳු නාරටි කුඩා කල දීම සිඳලීම පිළිබඳ කවුරුන් වගකිව යුතුද ???පිළිතුරු ඔබ සතුය…
දැන් මව්පියන් පිළිබඳ විපරම් කරමු .. ..බොහෝ මව්පියන් පවා තමා දරුවන් පෝෂණය කල බව සිතමින් තමා වියපත් වූ විට ඔවුන්ගේ සැලකුම් අපේක්ෂා කිරීම බොහෝ විට දක්නට ලැබේ ..මව්පියන්ට සැලකීම දරුවන්ගේ යුතුකමක් ..නමුත් එය බලාපොරොත්තු නොවිය යුතුය…වඩා වටිනාකමක් ඇත්තේ බලාපොරොත්තු නොවී යමක් හිමි වූ විටයි…එම නිසා දරුවන් වෙනුවෙන් කැපකිරීම් කල පළියට ඔවුන්ගෙන් බලාපොරොත්තු වීම එතරම් සාධාරණ නැත ..එවිට දරුවන් නොසලකා හැරියත් කිසිදු සිත්තැවුලක් නොමැතිව අවසාන කාලය ගතකල හැකිය..මේ සඳහා ආර්ථික ස්ථාවරත්වයක් තමන් විසින් ගොඩනඟාගෙන තිබිය යුතුය ..දරුවන් වෙනුවෙන් සියල්ල කැපකර අවසානයේ ඔවුන්ගෙන් එයට ප්‍රතිඋපකාර පැතීම දෙවැනි බුදුන් වන මව්පියන්ට තරම් නොවේ..
පහුගිය දශක කිහිපයක ලංකාවේ මද්‍යම පාන්තික පව්ල් බොහොමයක සාරාංශය මෙලෙසය….ඇතැම්විට ඔබේ අතීතය ද මෙහි තිබීමට ඉඩ ඇත…අවසාන වශයෙන් මෙලෙස සටහන් කිරීමට කැමැත්තෙමි .. …පවුල කෙරෙහි යුතුකම් ඉටුකරන්න නමුත් ඔවුන් ඔබ යටතේම සිටින ලෙසත් ඔබට මරණය තෙක්ම තනි නොතනියට සිටින ලෙසත් ඔබ වෙනුවෙන් සියලු යුතුකම් ඉටුකරන ලෙසත් අපේක්ෂා කරන්න නොකරන්න …මිනිසාගේ සිතිවිලි තරම් කිසිවක් වේගයෙන් වෙනස් වෙන්නෙ නැත .. ..අද ඔබ බලාපොරොත්තු තබා සිටින පුද්ගලයා හෙට ඉඳුරාම වෙනස් අයෙක් බවට පත් විය හැකිය ..එබැවින් පවුලට වුවද අසිමාන්තිකව බැඳීම අවදානම් සහිතය …

Visits1289
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!