පෙර නොවිදි රසයක්…


කවියො එක එක දේවල් වලට කවි ලියනව..සඳට,ඉරට ,පරිසරයට,ප්‍රේමයට…මට ඉස්සර ඉඳල තිබුණා ප්‍රශ්නයක් මේ කවියො කවි ලියන්නෙ තමන්ගෙ ජීවන අත්දැකීම් පාදක කරගෙනම ද කියල…ඒකට පිළිතුරු මේ ළඟදී දවසක රූපවාහිනී වැඩසටහනක දි ඉලක්ශ ජයවර්ධන නම් නව පරපුරේ මගේ ප්‍රියතම කවියා දුන්නා..”මේ කවි වල කොතනක හරි මම ඉන්නව..” ඒක අපි මේ විදියට අර්ථ පැහැදිලි කරගනිමු…ප්‍රේමයෙන් වෙලුනු යුවලක් ගැන ලියැවෙන කවියක පෙම්වතා හෝ පෙම්වතිය කවියා නොවෙන්න පුළුවන්…තමන් ඒ කතාවේ වෙනත් කිසිවෙක් නොසිතන තැනක හිටියා වෙන්නත් පුළුවන්….ඉතිං මේ කවි ලියවිල්ල හරිම සුන්දර අත්දැකීමක්…වචන සමඟ කරන හරඹයක් විතරක්ම නෙවෙයි…පරිකල්පනය,හැඟීම් සමුදායක් අකුරු කරවීමක්…
අපි කවිය කියල අදහස් කරන දේ තවත් රසිකයන් පිරිසක් එලෙස අදහස් නොකරන්න පුළුවන්…හොඳම නිදසුන හයිකු කවි..සරල,සුන්දර ,සුගම අදහස් ප්‍රකාශනයක්…වචන එක්ක කරන හරඹයක් නෙවෙයි…
හැම කෙනෙකුටම ජීවිතේ ස්වර්ණමය යුගයක් තියනව…..ඉතිං මගේ ස්වර්ණමය යුගයේ විකාශය වුනු විශිෂ්ට ටෙලි කතාවක් මේක..ගජමන් නෝනා..අත්බෝරිච්චි දිග ගව්මක් ඇඳගෙන කොන්ඩෙත් උඩට බැඳගෙන කුඩයක් ඉහළගෙන පාරෙ යන තරමට මේ උන්මාදය දැඩි වෙලා තිබුණා කියල මතකයි ..
ඉතිං මෙන්න මේ ගජමන් නෝනා කවිකාරියක්,හරි හැඩයි ..හැම අතින්ම වාසනාවන්තයි..ඇයට තිබුණා හොඳ පවුලක්..ඉතිං මේ පවුල ,ඒ වගේම ඇයගේ ජීවිතයට වරින් වර එන ආගන්තුකයෝ ආදර්නීයයන් ඇයව අතහැර යන විදිය අළලා තමයි මේ කථාංගය නිර්මාණය වෙලා තිබුණේ..
……………………….
ගජමන් නෝන ගේ පොඩි කාලෙ හරි සුන්දරයි..ආදරයෙන් පිරිල තිබුණේ..හරියට කවියක් වගේ ..වදනින් වදන එකතු වෙලා කවියක් හැදෙනව වගේ එකිනෙකාගේ ආදරේ එකතු වෙලා ඇයගේ ජීවිතය කියන සුන්දර කවිය නිර්මාණය වෙලා තිබුණ..මේ කවිය ඉතාමත් සුඛදායක ,ධනාත්මක භාව ප්‍රකාශනයක් වෙන්න ඇති..ආදරය ,සුඛය,සැපය විතරක් තියන තැන කොහොමත් සුභදායී විය යුතුයි නෙ…
දැන් ගජමන් නෝනා වයසින් වැඩෙනවා..එක්තරා කාල සීමාවකදී ඇය ආදරය කරපු ,ජීවිතය හුවමාරු කරපු ,ලඟ ඉඳන් සෙනේ වඩපු අය හැම කෙනෙක්ම එකින් එක ඇයව අත ඇරලා යනවා..නොකියාම ,කිසිම දෙයක් හිතා ගන්න බැරි විදියට..ඇය ටිකෙන් ටික තනි වෙන්න පටන් ගන්නව..අත්වැල ගිලිහෙන්න පටන් ගන්නව…මේ වනවිට ඇයට ජීවිතයේ කටුක ස්වභාවය වැටහෙන්න පටන් අරගෙන..දැන් ඇයගේ කවි වල සුන්දර සුභදායී බව හැරුණාම කටුක ,ඝෝර ජීවිත අත්දැකීමුත් මුසු වෙලා…
ජීවිතයේ දුක සැප දෙකම තියනව..ඒ දෙක හරිම පදමට එකතු වුණාම තමයි පදවැල් ලස්සනට මුසු වෙලා වඩාත් අර්ථවත් කවි ලියැවෙන්නේ..ගජමන් නෝනාට ගොඩක් කල් ගියා අත්දැකීම් එක්ක ඒ බව තේරුම් ගන්න…මේ ගජමන් නෝනටත් එහෙමයි…
……………………………..
ජීවිතේ කවියක්,
ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිදක් හසරැලි පොදක්
එකට එක් වූ විට දැනේ
පෙර නොවිදි රසයක්…

පසුපසින් හඹා එන අතවර
හැරදමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතම බලකරනා
හැඟුම් අවදිව නැගේ තනිකම

ජීවිතේ කවියක්…

සෙනෙහසින් රැදී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිදී දස අත විසිර යන යාමේ
කවුරු නම් ලං වේද තනියට
ජීවිතේ කවියක්…

Visits830
error: අන්තර්ගතය ආරක්ෂා කර ඇත !!